Life
වැඩිපුර ඖෂධ ගත්තොත් මුඛ රෝගවලට ගොදුරු වෙයි
වියපත් වීමත් සමග බොහෝදෙනකු ලෙඩරෝගවලට ගොදුරු වේ. එවැනි ලෙඩරෝග බොහෝමයක් කායික රෝගයන් වන අතර, මුඛ රෝගවලද වැඩිවීමක් දක්නට ලැබේ.
වියපත් වීමත් සමගම මුඛ සෞඛ්‍යය දුර්වල වීමට හේතු
මුඛයේ පටකවල වෙනස්වීම
වයසට යෑමත් සමග මුඛයේ පටකවල වෙනස්වීම් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවේ.
විදුරුමස් රෝග
වයසට යෑමත් සමග මෙම තත්ත්වය බහුලව දැකිය හැක. ඒ අනුව කාලයත් සමග විදුරුමස් දිය වී දත් මුල් පෑදී, දත් සෙලවෙන තත්ත්වයට පත්වේ.
මීට අමතරව හකු ඇටය හා දත අතර සම්බන්ධය නැතිවී ගොස් දත ගැලවී යෑමටද (Tooth Loss) ඉඩ ඇත.
මෙය දිනයකින් හෝ මසකින් සිදුවන තත්ත්වයක් නොවේ. කාලයක් තිස්සේ අපගේ නොසැලකිලිමත්කම හේතුවෙන් වර්ධනය වන තත්ත්වයකි. මෙලෙස සිදුවීමෙන් ඔබට දත් අහිමිවන බව හොඳින් අවබෝධ කරගත යුතුය.
කායික රෝග හා මානසික රෝග නිසා මුඛයේ ඇතිවන වෙනස්වීම්
දියවැඩියාව, අධි රුධිර පීඩනය හා විෂාදය (Depression) වැනි රෝගයන් නිසාද මුඛ සෞඛ්‍යයේ වෙනස්වීම් සිදුවේ.
තවද ඉහත රෝග සඳහා ගනු ලබන ඖෂධ හේතුවෙන්ද මුඛ සෞඛ්‍යයේ වෙනස්වීම් ඇතිවිය හැක.
වයස්ගත වූ දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයකුගේ මුඛයේ විදුරුමස් රෝගවල දරුණු අවස්ථාවන් දැකිය හැක. දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි වැඩි නිසා මුඛයේ බැක්ටීරියාවන්ට ඉතාමත් යහපත් පරිසරයක් ඇතිකරනු ලැබේ. මේ නිසා බැක්ටීරියාවන් ඉතා ඉක්මනින් වැඩී විදුරුමස් රෝග පහසුවෙන් හටගනී.
දියවැඩියා රෝග නිසා ප්‍රතිශක්තිකරණය අඩුවී කැන්ඩිඩා වැනි දිලීර රෝගද පහසුවෙන් මුඛයේ ඇතිවේ. මෙහිදී මුඛය තුළ සුදු පැහැ පුස් (දිලීර) ලෙස ලප දැකිය හැක.
දත් ගෙවී යෑම
දත් හිරිවැටීමට බොහෝ විට හේතුවන්නේ දත් ගෙවී යෑමයි. මෙයත් වයස්ගත වීමත් සමගම ඇතිවන තත්ත්වයකි. දත්වල ස්වභාවික පැහැය වෙනස්වීම, මුඛය තුළ හටගන්නා තුවාල, හනු ආශ්රිත වේදනා මේ නිසා ඇතිවේ.
රෝග සඳහා ගනු ලබන ඖෂධ නිසා
දියවැඩියාව, අධි රුධිර පීඩනය, අක්මා හා වකුගඩු රෝග මෙන්ම මානසික අවපීඩනය සඳහා දෙනු ලබන ඖෂධ හේතුවෙන්ද මුඛ සෞඛ්‍යයට බලපෑම් ඇතිවේ. මෙහිදී මුඛයේ තිත්ත රසක් හෝ කෙළ ස්රාවය වීම අඩුවීම මේ අතරින් ප්‍රධාන වේ. කෙළ ස්රාවය අඩුවීම නිසා මුඛය වියළීම, කෙළ මගින් මුඛය තුළ ඇතිකරන ප්‍රතිශක්තිය අඩුවීම, එම නිසාම මුඛය තුළ ආසාදන හටගැනීම, කෙළ අඩුවීමෙන් ආහාර ගැනීමේදී අපහසුතා ඇතිවීම ආදී අපහසුතා ඇතිවේ. එබැවින් පෙර සඳහන් කළ රෝග සඳහා ඖෂධ ගන්නා අය මුඛ සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
පිළිකා
අපගේ අනිසි ක්‍රියා කලාපයන් වන බුලත්විට කෑම, මත්පැන් සහ දුම්පානය කිරීම නිසා වයසට යෑමත් සමග පූර්ව පිළිකා හා පිළිකා ලක්ෂණ මතුවිය හැක. මෙවැනි පුද්ගලයන් දත්ත වෛද්‍යවරයකු වෙත යොමුවිය යුතුය.
දන්ත මූලය දිරායෑම
මෙම තත්ත්වය බොහෝවිට වයසට යෑමත් සමගම ඇතිවන තත්ත්වයකි. විදුරුමස් රෝග නිසා උඩට මතුවන දන්ත මූලය දිරායෑම සිදුවේ. ඇතැම් විට මොවුන්ගේ දන්ත මස්තකය හොඳින් තිබේ. එහෙත් දත මුල දිරා ගොසිනි. මෙහිදී මූලික ලක්ෂණ ලෙස දත් හිරිවැටීම හා කළු හා දුඹුරු පැහැති ලප දත් මුල ඇතිවේ. මෙහි ප්‍රතිකාරයන් වන්නේ දත්වල මූලය පිරවුම් ද්‍රව්‍යවලින් පිරවීමයි.
සමීක්ෂණයට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 60ට වැඩි ජනගහනයෙන් 96ක්ම එක දතක් හෝ අහිමි වූ වගයි. එයින් 11ක්ම මුඛයේ එක් දතක්වත් නොමැති බවයි.
මහරගම ජාතික මුඛ සෞඛ්‍ය ආයතනයේ ප්‍රජා දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක | සටහන – දුලානි ජයතිස්ස
Wmqgd .ekSu iriúh mqj;a m; weiqfrks